වීවල අගය වැඩි කිරීම

වාරිමාර්ග කළමනාකරණ අංශයේ සමබන්ධීකරණය හා පහසුකරණය යටතේ ඉඟිනිමිටිය මහා වාරිමාර්ග ව්‍යාපාරයේ වී වල අගය වැඩි කිරීම සඳහා වැඩසටහනක් ක්‍රියාත්මක වේ. මෙම වැඩසටහන යටතේ 2016 යල කන්නයේ ගොවීන් 70ක් සම්බන්ධ වෙමින් BG MA2 වී ප්‍රභේදය අක්කර 175 ක වගා කර ඇති අතර මෙම වී මිලදී ගැනීම සඳහා CBL සමාගම විසින් ඉදිරි වෙළඳ ගිවිසුම් අත්සන් කර ඇත. මෙම වී ප්‍රභේදය බිස්කට් නිෂ්පාදනය සඳහා යොදා ගැනේ. මිලදී ගැනීමට එකඟ වී ඇති මිල රු 38.00කි. එසේම මෙම වැඩසටහන තිරසරව පවත්වා ගෙන යාම සඳහා අක්කර 05ක එම ප්‍රභේදයේ බීජ වී වගා කර ඇති අතර එම කිලෝ ග්‍රෑම් එකක් රු. 65.80 කට මිලදී ගැනීමට එම ආයතනය ගිවිසුම් අත්සන් කර ඇත.

vivala-agaya

වාරිමාර්ග කළමනාකරණ අංශයේ සම්බන්ධීකරණය යටතේ ගොවි සංවිධාන හා CBL ආයතනය ඉදිරි සැලසුම් සාකචඡා කිරීම

vi

ඉඟිනිමිටිය ව්‍යාපාරයේ BG MA2 වී ප්‍රභේදය වගාවක්