අප ගැන

1984 වර්ෂයේ දී ආරම්භ කරන ලද වාරිමාර්ග කළමනාකරණ අංශය දැනට හෙක්ටයාර් 400 ට වැඩි මහා වාරිමාර්ග බල ප්‍රදේශ 54 ක ඒකාබද්ධ හා සහභාගිත්ව කළමනාකරණ ක්‍රියාවලිය පවත්වාගෙන යනු ලැබේ. මෙම වැඩසටහනේ දැක්ම වනුයේ ස්වයං කළමනාකරණය සදහා ආත්ම විශ්වාසය පදනම් කරගත් වාරිමාර්ග ජනාවාස ආශ්‍රිත ගොවි ප්‍රජාවක් බිහි කිරිමයි. ගොවි සංවිධාන, රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ රාජ්‍ය නොවන ආයතන යන පාර්ශවයන්ගේ සහභාගිත්වය සහ දායකත්වය තුළින් මහා වාරිමාර්ග ව්‍යාපාරවල ජල ඒකකයක ඵලදායීතාවය ඉහළ නංවමින් ඒකාබද්ධ ජල කළමනාකරණය තුළින් ගොවි ජනතාවගේ තිරසර ආර්ථික සංවර්ධනය සාක්ෂාත් කර ගැනිම මෙම වැඩසටහන තුළින් අපේක්ෂා කෙරේ.

මහා වාරිමාර්ග බල ප්‍රදේශවල විධිමත් කළමනාකරණයක් හරහා නිෂ්පාදන ඵලදායීතාව වැඩි කිරීමේ අරමුණෙන් ගොවි සංවිධාන  බිහි කිරිම, පවත්වාගෙන යාම හා ශක්තිමත් කිරිම, වාරිමාර්ග උපපද්ධති  නඩත්තු හා මෙහෙයුම් කටයුතු වැඩි දියුණු කිරිම, කෘෂි නිෂ්පාදනය හා නිෂ්පාදන ඵලදායීතාවය ඉහළ නැංවීම සදහා අවශ්‍ය පහසුකරණය, වාතාවරණය සැකසිම හා සම්බන්ධිකරණය තුළින් ගොවි ජනතාවගේ ජීවන තත්වය ඉහළ නැංවීම මෙම අංශයේ වගකිම  ‍වේ.

අරමුණු

  • වාරිමාර්ග උප පද්ධතියේ ජල ඒකකයකින් සහ ඉඩම් ඒකකයකින් ලබන ආර්ථික වාසි උපරිම කිරිම.
  • වාරිමාර්ග උප පද්ධතියේ ජලය සාධාරණව හා සමානාත්මකව ගොවීන් අතර බෙදාහැරීම.
  • වාරිමාර්ග උප පද්ධතියේ ආශ්‍රිත සම්පත් කළමනාකරණයට ගොවීන් සහභාගී කර ගැනීම සදහා අවශ්‍ය ආයතනික ව්‍යුහය සකස් කිරිම.
  • වාරිමාර්ග උප පද්ධතිවල මෙහෙයුම් හා නඩත්තු කටයුතු ප්‍රශස්ථ මට්ටමින් පවත්වාගනයාම සදහා පසුබිම සැකසීම.
  • ගොවි ප්‍රජාවගේ දැනුම හා කුසලතා සංවර්ධනය කීරිම තුලින් සුභවාදී ආකල්ප ඇති කිරිම.
  • ගොවි ප්‍රජාවගේ ජීවන තත්වය ඉහළ නැංවිම.

 

වාරිමාර්ග කළමනාකරණ අංශයේ ප්‍රමුඛ කාර්යයන්

  • ගොවි සංවිධාන පිහිටුවීම, ශක්තිමත් කිරිම, සහ තිරසර බව තහවුරු කිරිම.
  • වාරිමාර්ග උප පද්ධතියේ  මෙහෙයුම්, නඩත්තු හා ජල භාවිතය කාර්යක්ෂම කිරිම.
  • කෘෂිකාර්මික ඵලදායිතාව ඉහළ නැංවීමට කටයුතු කිරිම.
  • කෘෂිකාර්මික සහය සේවාවන් ශක්තිමත් කිරිම.
  • ගොවි පවුල්වල අදායම ඉහල නැංවීම සඳහා ආර්ථික බෝග වැඩසටහන් හඳුන්වාදීම හා වෙළඳපොල සංබන්ධීකරණය.
  • ගොවීන් අතර සබදතා වර්ධනය.
  • සහභාගිත්ව කළමනාකරණය සඳහා ගොවීන් හා නිළධාරීන් යොමුකරවීම.
  • වාරිමාර්ග කෘෂිකර්ම ක්ෂේත්‍රයට අයත් රාජ්‍ය හා රාජ්‍ය නොවන පෞද්ගලික ආයතන අතර සබඳතා වර්ධනය
  • වාරි කෘෂිකර්මය ආශ්‍රිත සංස්කෘතික වැඩසටහන් දිරිමත් කිරීම.
  • ජල පෝෂක ප්‍රදේශ හා වාරිමාර්ග රක්ෂිත සංරක්ෂණයට හා සංවර්ධනයට දායකත්වය ලබාදීම.