අළුත් සහල් මංගල්‍ය
අළුත් කන්නයේ කළ වී වගාවේ අස්වනු ආහාර සඳහා සකස්කිරීමට පෙර තම අස්වැන්න ආරක්ෂා කරදුන් ඉෂ්ඨදෙවි දේවතාවන් උදෙසා අස්වැන්නේ අග්‍ර කොටස පිදීම, කිරි ඉතිරවීමේ සෙත් කමින් ඉටුකරති. වාරිමාර්ග කළමනාකරණ අංශයකළ දැනුවත් කිරීම් වලින් පසු, පෙරදී පෞද්ගලිකව තම නිවසේදී ඉටුකල මෙම කාර්ය, වාරිමාර්ග ව්‍යාපාරයේ ගොවි සංවිධානවල සාමාජිකයෝ එකමුතු වී වැවේ හෝ ජලාශයේ සොරොව්ව ලඟට ගොස් සාමුහික කාර්යක් ලෙස ඉටුකරති.
මෙම අවස්ථාව කන්නයේ ඉදිරි තොරතුරු ජනතාව අතර හුවමාරු වීමට උදව් වන නිසා, නිවැරදි කාලසටහනකට හුරු වීම නිතැතින්ම සිදුවේ.
මුට්ටි නැමීමේ මංගල්‍ය
වර්ෂාව සහ සශ්‍රීකත්වය උදෙසා නුවර කලාවිය ප්‍රදේශයේ ගොවි ජනතාව පුරාණ කාලයේ සිට කරගෙන ආ පසුකාලීනව අමතක කරදමන ලද ශාන්ති කර්මයකි.මෙම ශාන්ති කර්මය වාරිමාර්ග කළමනාකරණ අංශය විසින් නැවත පනගන්වා උතුරුමැද පලාතේ ගොවිබිම් වල ගොවි ජනතාවගේ එකමුතු භාවය ඇති කිරීම සහ නිවැරදි තොරතුරු සංනිවේදනය කරගැනීම සඳහා උපයෝගි කරගනී.
මෙම සෙත්කමේදී මුලින්ම තම වගා බිම් ආරක්ෂා කරදෙන ලෙස දෙවියන්ට භාරවෙති. ගමන් දේවාලය ලෙස තාවකාලික දේවාලයක් සාදා මෙම ස්ථානයට දේවාභරණ ගෙනවිත් තබා අයියානායක විෂ්ණු කතරගම දෙවිවරුන් උදෙසා පඬුරු ගැටගසති. එම ස්ථානයේ රෑ පුරා දෙවියන්ට යාතිකාකොට එලිවෙන පැයේ දී කිරි ගහක මුට්ටි දෙකක් හෝ තුනක් නමා භාරය අවසන් කෙරේ.වැසිපල ලැබී අස්වනු සාර වූ පසු එම මුට්ටි වල කිරි උතුරවා භාරය ඔප්පු කෙරේ.
ශ්‍රී දළඳා වහන්සේට යල් අස්වනු පූජා පැවැත්වීම
අතීත රජ සමයේ මෙවන් උත්සව පැවති නමුත් පසු කාලයේ මෙම පූජාවන් උත්සවාකාරයෙන් සිදු නොවිනි.
මෑතදී වාරිමාර්ග කළමනාකරණ අංශය විසින් ඉන්මාස් වැඩ සටහන ක්‍රියාත්මකවන මහා වාරිමාර්ග ව්යාපාරන්හි ගොවීන් සම්බන්ද කරගනිමින් යල ගොවිතැනේ අග්‍ර කොටස ශ්‍රී දළඳා වහන්සේට පූජා කිරීම, උත්සවාකාරයෙන් ඉටු කරණු ලැබිණි.
මෙම දී ඒ සඳහා වෙන්කරගත් දින පෙරවරුවේ කිරි ආහාර පූජාව හා අනෙකුත් වත්පිලිවෙත් වලින් පසුව යොදාගත් නැකතට අනුව දළඳා වහන්සේ ඉදිරිපිට ඇති මහා පාත්‍රය ගොවීන් සහ සම්භාවනීය ආරාධිතයන් විසින් කැකුළු සහලින් පුරවනු ලැබේ. ඒ සමඟම යල කන්නයේ නෙලාගත් වෙනත් ධාන්‍ය වර්ග ද දළඳා වහන්සේ ඉදිරියේ පුද කෙරේ.