ගිරිතලේ නේවාසික ව්‍යාපෘති කළමනාකරණ කාර්යාල භූමිය ජල කළමනාකරණ ආදර්ශ සම්පත් හා  පුහුණු  මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය

වාරිමාර්ග කළමනාකරණ අංශයේ මැදිහත් වීම හා මග පෙන්වීම යටතේ වාරි කෘෂිකර්මාන්තයට සම්බන්ධ ආයතන හා ගොවි සංවිධාන ඒකාබද්ධ  සහභාගිත්වය යටතේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටි ගිරිතලේ නේවාසික ව්‍යාපෘති කළමනාකරණ කාර්යාල භූමිය ජල කළමනාකරණ ආදර්ශ සම්පත් හා පුහුණු මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට කටයුතු ආරම්භ කර ඇත. මෙ යටතේ දේශන ශාලාවක්  ඉදි කිරීම හා කාර්යා භූමිය ආදර්ශනයක් ලෙස සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇති අතර මේ වනවිට දේශන ශාලාවේ ඉදිකිරීම් අවසන් කර ඇත.

ව්‍යාපෘතියේ කෙටි කාලීන අරමුණු

  • ඒකාබද්ධ හා සහභාගිත්ව ප්‍රවේශය යටතේ වාරිමාර්ග කළමනාකරණ ආදර්ශ සම්පත් හා පුහුණු මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම
  • ගොවීන් ප්‍රායෝගිකව පුහුණු කිරීමේ මධ්‍යස්ථානයක් වශයෙන් යොදා ගැනීම (දේශන හා ප්‍රායෝගික පුහුණුව)
  • පාසැල් ළමුන් දැනුවත් කිරීමේ මධ්‍යස්ථානයක් වශයෙන් යොදා ගැනීම

ව්‍යාපෘතියේ දිගුකාලීන අරමුණු

  • ගොවීන් ජල කළමනාකරණයට යොමුකිරීම.
  • ගොවීන් අතිරේක ආහාර බෝග වගාවට යොමු කිරීම.
  • සූක්ෂම කිරිගව පාලනයට ගොවීන් යොමු කරවීම (Indoor Management system)
  • සූක්ෂම ජල සම්පාදන ක්‍රමවලට හුරුකරවීම (High water tech methods)
  • ජල ඒකකයක ඵලදායිතාවය වැඩි කිරීම තුලින් ජල හිඟ තත්ව වලදී ව්‍යාපාරයේ වගා තිව්‍රතාවය වැඩිකරලීම
  • දේශගුණික වෙනස්වීම් වලට අනුවර්තනය වන වගා රටවකට යොමු කරවීම
  • වැසි ජල භාවිතය හා ගෙවතු වගාව දියුණු කිරීම
  • ගොවීන්ගේ ජීවන තත්වය ඉහළ නැංවීම

ව්‍යාපෘතිය සඳහා ඒකාබද්ධ හා සහභාගිත්ව දායකත්වය

  • වාරිමාර්ග කළමනාකරණ අංශය
  • වාරිමාර්ග දෙපාර්තමේන්තුව
  • කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
  • පශු සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුව
  • ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව
  • පොල් වගා කිරීමේ මණ්ඩලය
  • ජාතික ජලජීවි සංවර්ධන අධිකාරිය
  • ගිරිතලේ ගොවි සමාගම
  • ඒකාබද්ධ ගොවි සංවිධානය

girithale-1 girithale-1

girithale girithale-2