ගොඩ ඉඩම් ප්‍රයෝජනයට ගනිමින් මහා වාරිමාර්ග ව්‍යපාරවල ගොවීන්ගේ අතිරේක ආදායම් උත්පාදන මාර්ග තුලින් රටේ ආර්ථිකය නංවාලීමට නියමු ව්‍යාපෘතියක් ..

image-12

වාරිමාර්ග කළමනාකරණ අංශයේ සම්බන්ධීකරණය හා මග පෙන්වීම යටතේ මහා වාරිමාර්ග ව්‍යාපාරවල භාවිතයට නොගන්නා ගොඩ ඉඩම් උපයෝගී කරගනිමින්  ආදායම් උත්පාදන වැඩසටහනක් සැලසුම් කරන ලදී.  කෘෂිකර්මාන්තයේ ඇති අවධානමින් ගොවියා සුරක්ෂිත කර ආදායම් මාර්ගයක් ලබා දීම සහ වියපත් වන ගොවීන්ට ආදායමක් උපයා දීම මෙහි ප්‍රධාන අරමුණ විය. එසේම, විශේෂයෙන් දේශගුණික වෙනස් වීම් හමුවේ වඩාත් සංවේදී ජන සමූහය වන්නේ මහා වාරිමාර්ග ව්‍යාපාර වල ගොවීන් වේ. එයට හේතුව සුළු වාරිමාර්ග යටතේ හා වර්ෂාපෝෂිත තත්වයන් යටතේ වගා කරන ගොවීන්ට ජල සුරක්ෂිතතාවය අඩු නිසා කෘෂිකර්මාන්තයට ආයෝජනය කරන ප්‍රමාණය සාපේක්ෂව අඩු නමුත් යම් අවස්ථාවකදී වගාවට හානියක් වුවද එම තත්වය ගොවීන්ට දරා ගැනීමට හැකිවේ. එහෙත්, මහා වාරිමාර්ග ව්‍යාපාරවල ජල සුරක්ෂිතතාවය සාපේක්ෂව ඉහල බැවින් ගොවීන් වැඩි වශයෙන් වගාවන් සඳහා ආයෝජනය කරති. එක් කන්නයකදී හෝ හදිසියේ ඇතිවන නියං තත්වයක් හෝ ජල ගැලීමකදී එම ගොවීන්ගේ වගාව හානි වීම නිසා ඔවුනගේ විශාල ආයෝජනය ඔවුනට නැති විය හැකි වන අතර එම ගොවීන්ට එම තත්වයට ඔරොත්තු දීමද අපහසු වේ.   මෙවැනි තත්වයකදී එම ගොවීන්ට වෙනත් අතිරේක ආදායම් මාර්ගයක් තිබීම එම පවුල් වලට සුරක්ෂිතතාවයකි.

එම අරමුණු පදනම් කර ගනිමින් මෙම ව්‍යාපෘතිය යටතේ වාරිමාර්ග කළමනාකරණ අංශය විසින් නියමු ව්‍යාපෘතියක් ලෙස කිරිඳි ඔය මහා වාරිමාර්ග ව්‍යාපාරයේ TOM EJC අඹ වගා කිරීමට සැලසුම් කරන ලදී. මෙම අඹ ප්‍රභේදය අපනයන තත්වයේ ප්‍රභේදයක් වන අතර, මෙම ව්‍යාපෘතිය එම ප්‍රදේශයේ පවතින යටිතල පහසුකම් සංවර්ධනය හා දේශගුණය සැලකිල්ලට ගෙන,  අපනයන වෙළඳ පොල ඉලක්ක කර ගෙන සැලසුම් කිරීමද විශේෂත්වයකි.

මෙම වැඩසටහන සඳහා ගොවීන්ට තාක්ෂණික සහයෝගය ලබා දීම කොළඹ විශ්ව විද්‍යාලයේ කෘෂි තාක්ෂණික හා ග්‍රාමීය ආයතනය මගින් සිදු කරන අතර, අඹ පැල සීමාසහිත එල්ලාවල හෝර්ටිකල්චර් පෞද්ගලික  සමාගම ලබා දෙන ලද අතර අස්වැන්න මිලදී ගැනීම ද එම ආයතනය විසින් සිදු කිරීමට නියමිතයි. අඹ පැල සඳහා වැය වූ මුළු වියදමෙන් 50% වාරිමාර්ග කළමනාකරණ අංශය දැරූ අතර, ඉතිරි මුදල ගොවීන් විසින් දරන ලදී.  වැඩසටහන තිරසාරව පවත්වා ගෙන යාම සඳහා වාරිමාර්ග කළමනාකරණ අංශය, වම් ඉවුර යාය 2 DC 9/10 ගොවි සංවිධානය, කොළඹ විශ්ව විද්‍යාලයේ කෘෂි තාක්ෂණික හා ග්‍රාමීය ආයතනය හා සීමාසහිත එල්ලාවල හෝර්ටිකල්චර් පෞද්ගලික  සමාගම අතර 2014.07.24 දින අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන ලදී (අමුණුම 01).

වැඩසටහනේ ප්‍රගතිය

  1. 2014 වසරේ මුල් කාර්තුවේ අඹ වගාව ආරම්භ කරන ලද එහි අතර තොරතුරු පහත වගු අංක 01 යටතේ දක්වා ඇත. මේ වන විට මෙම ව්‍යාපෘතිය යටතේ අක්කර 41 ක පමණ TOM EJC අඹ වගා කර ඇති අතර ගොවීන් 164 ක් පමණ සම්බන්ධ වී සිටි.
  2. වගු අංක 01- වගා තොරතුරු හා සම්බන්ධ වූ ගොවීන් සංඛ්‍යාව
    ගොවි සංවිධානය වගා කර ඇති පැල ගණන ගොවීන් සංඛ්‍යාව
    1.      වම් ඉවුර යාය  2  DC 9/10 852 76
    2.       වම් ඉවුර යාය 3 DC 3 723 15
    3.       වම් ඉවුර යාය 3 DC 2 930 18
    4.       වම් ඉවුර යාය  1 DC S1 741 20
    5.       වම් ඉවුර යාය 1 DC 2/3 255 10
    6.       වම් ඉවුර යාය 1 DC 4/5 128 16
    7.       වම් ඉවුර යාය 1 DC 6/7 335 5
    8.      පන්නෙගමුව ප්‍රගති 85 2
    9.      තිස්ස බටහිර ගොඩ දොර රුහුණු 110 2
    එකතුව 4129 164
  3. මේ වන විට කොළඹ විශ්ව විද්‍යාලයේ කෘෂි තාක්ෂණික හා ග්‍රාමීය ආයතනය හා සීමාසහිත එල්ලාවල හෝර්ටිකල්චර් පෞද්ගලික  සමාගම විසින්  මෙම ව්‍යාපෘතියට සම්බන්ධ ගොවීන් 164 සඳහා පහුණු වැඩසටහන් පවත්වා ඇති අතර, එම ගොවීන් වගාව සාර්ථකව පවත්වා ගෙන යනු ලැබේ.  වාරිමාර්ග කළමනාකරණ අංශයේ කිරිඳිඔය නේවාසික ව්‍යාපෘති කළමනාකරණ කාර්යාලය මෙම ව්‍යාපෘතිය ක්ෂේත්‍ර මට්ටමින් අධීක්ෂණය සිදු කරනු ලැබේ.
  4. මෙම ව්‍යාපෘතිය යටතේ වම් ඉවුර යාය 2 DC 9/10 ගොවි සංවිධානය යටතේ අඹ නිෂ්පාදන කමිටුවක් ද ආරම්භ කර ඇත.
  5. මේ වනවිට අඹ පැලවලට වයස අවුරුදු 2 ½  වන අතර, එම පැල ඵල දැරීමට සුදුසු තත්වයේ පවතී.
  6.  ගොවින්ගේ අඹ අස්වැන්න එක්රැස් කිරීමට හා ආදර්ශ වගාවක් පවත්වා ගෙන යාම සඳහා තිස්ස ප්‍රාදේශීය ලේකම්තුමා විසින් ඇල්ලගල ප්‍රදේශයෙන් ඉඩමක් වෙන්කර දී ඇති අතර, ඒ සම්බන්ධව ඉදිරි කටයුතු සිදු කිරීමට සැලසුම් කර තිබේ.
  7. . මෙම ව්‍යාපෘතියේ අත්දැකීම් අනුව ඉදිරියේදී කිරිඳි ඔය ව්‍යාපරය තුල භාවිතයට නොගන්නා ගොඩ ඉඩම් උපයෝගී කර ගනිමින්  අඹ වගාව ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇත.

imag

. ක්‍රියාත්මක කිරීමේදී මතු වූ බාධා

  1. 2014 වසරේ පැවති අධික නියං තත්වය නිසා වගාවෙන් පැල 900 පමණ විනාශ විය. එහෙත් එල්ලාවල හෝර්ටිකල්චර් පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂ විසින් එම හානි වූ පැල වෙනුවෙන් 50% ක් එනම් පැල 450 ක් නොමිලයේ ලබා දෙන ලදී. එසේම ඉතිරි පැල ප්‍රමාණය වාරිමාර්ග කළමනාකරණ අංශයේ ප්‍රතිපාදන වලින් 50% දායකත්වය යටතේ ගොවීන්ට ලබා දෙන ලදී.
  2. එම නියං තත්වයෙන් තරමක් දුරට හෝ වගාව ආරක්ෂා කර ගැනීමට වෙනත් ස්ථානයකින් ජලය රැගෙන ඒමට වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යංශය විසින් කිරිඳි ඔය නේවාසික ව්‍යාපෘති කළමනාකරණ කාර්යාලයට තාවකාලික පදනමින් වතුර බවුසරයක් ලබා දෙන ලදී. ඒ සඳහා ප්‍රවාහන සැපයීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු විසින් ට්‍රැක්ටරයක් ලබා දෙන ලදී.
  3. එසේම වාරිමාර්ග කළමනාකරණ අංශය විසින් ගොවි සංවිධාන වලට නැවත ලබා ගැනීමේ පදනම මත ජලය ගබඩා කර තබා ගැනීමට ලිටර් 1000 ප්ලාස්ටික් ටැංකි 25 හා ලීටර් 2000 ප්ලාස්ටික් ටැංකි 11 ලබා දුන් අතර ඒ සඳහා වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යංශයන් රු. මිලියන 0.53ක   ප්‍රතිපාදන ප්‍රතිපාදන ලබා දෙන ලදී.
  4. ගොවි සංවිධානවල මැදිහත් වීම හා ගොවීන්ගේ සාමූහිකත්වය මත එවකට පැවති නියං තත්වයෙන් වගාව ආරක්ෂා කර ගැනීමට හැකි විය.

image-1 image2

අපේක්ෂිත ප්‍රතිඵල

මෙම ව්‍යාපෘතිය යටතේ 2018 වන විට ගොවීන්ට ආර්ථික වටිනාකමින් යුත් අස්වැන්නක්  ලබා ගැනීමට හැකියාව ලැබේ. සාමාන්‍යයෙන් එක් ගසකින් අවුරුද්දකට අවම වශයෙන් කිලෝ ග්‍රෑම් 50ක අස්වැන්නක් ලබා ගත හැකිය. ඒ අනුව වසරකට අවම වශයෙන් ටොන් 200 ක අඹ අස්වැන්නක් ලබා ගත හැකිය. අවබෝධතා ගිවිසුමට අනුව ලැබෙන අස්වැන්න වෙළඳපොල වටිනාකම මත සීමාසහිත එල්ලාවල හෝර්ටිකල්චර් පෞද්ගලික  සමාගම විසින් මිලදී ගෙන අපනයනය කිරීමට සැලසුම් කර ඇත.

වර්තමාන තත්වය-2016.12.15

Untitled-7 Untitled-6 Untitled-5

Untitled-4 Untitled-1 Untitled-2