කෘෂිකාර්මික සහය සේවාවන්

ඉන්මාස් වැඩසටහන ක්‍රියාත්මක වන මහාවාරිමාර්ග කළමනාකරණ බල ප්‍රදේශ 39 තුල ජල ඒකකයක නිෂ්පාදිතාවය ඉහල නැවීම,  එලදායිතාවය හා ගුණාත්මය වැඩි දියුණු කිරීම සඳහා වාරි කෘෂිකර්මාන්තය හා බැදුණු සියළු රාජ්‍ය ආයතන හා පෞද්ගලික ආයතන  සම්බන්ධීකරණය හා ගොවි සංවිධාන මෙහෙය වීම  වාරිමාර්ග කළමනාකරණ අංශය විසින් සිදු කරනු ලැබේ.  එහිදී පහත සඳහන් ක්‍රියාකාරකම් සිදු කරනු ලැබේ.

  1. වාරි කෘෂිකර්මාන්තය හා බැදුණු සියළු සේවාවන් හා යෙදවුම් මනාව හා කාලීනව සම්පාදනය කිරීම සහතික කිරීම.
  2. නිෂ්පාදන සැලසුම්කරණය සඳහා ගොවි සංවිධාන යොමුකරවීමට අවශ්‍ය මගපෙන්වීම හා පහසුකරණය.
  3. ගොවීන්ගේ හා රාජ්‍ය අංශයේ අන්‍යෝන්‍ය එකඟතාවකින් යුක්තව සකස් කරනු ලබන නිෂ්පාදන සැලසුම් පදනම් කරගනිමින් එය ක්‍රියාත්මක කිරීමට ගොවි සංවිධාන මෙහෙයවීම, අධීක්ෂණය හා පසු විපරම් කිරීම.
  4. කෘෂි නිෂ්පාදන මිලදී ගන්නා ආයතන හා ගොවි සංවිධාන/ ගොවියා අතර ඉදිරි වෙළඳ ගිවිසුම් ඇතිකිරීම සඳහා අවශ්‍ය පහසුකරණය සිදු කිරීම
  5. කෘෂි කර්මාන්තය ආශ්‍රිතව ගොවි සංවිධාන ව්‍යවසායකයන් බවට පත් කිරීමට අවශ්‍ය පහසුකරණය කිරීම
  6. කෘෂිකාර්මික කටයුතු සම්බන්ධව හා සම්පත් කාර්යක්ෂම හා ඵලදායිත්වයෙන් යුක්තව නිෂ්පාදන කාර්යාවලියට යොදවා ගැනීම , වැඩි අස්වනු ලබා ගන්නා තාක්ෂණික ක්‍රම හා යාන්ත්‍රිකරණය පිළිබඳව  ගොවි සංවිධාන නායකන්ගේ හා ගොවීන්ගේ දැනුම, කුසලතා හා ආකල්ප වැඩිදියුණු කිරීම සඳහා පුහුණු හා දැනුවත් කිරීම් වැඩසටහන් සංවිධානය.
  7. ජල සම්පත් කළමනාකරණයට ගොවීන් යොමුකරවීම හා ඒ තුලින් බෝග විවිධාංගීකරණයට ගොවීන් යොමු කරවීමට ගොවි සංවිධානවලට අවශ්‍ය මග පෙන්වීම සිදු කිරීම
  8. ගොවි පවුල්වල ආර්ථික තත්වය වැඩි කිරීම හා ඒ තුලින් ගොවි පවුල්වල ජීවන තත්වය ඉහල නැංවීම සඳහා කෘෂිකාර්මික සහය සේවාවන් තුලින් අතිරේක ආදායම් මාර්ග සඳහා ගොවීන් / ගොවි සංවිධාන මෙහෙය වීමට කටයුතු කිරිම.
  9. වගා කන්නය තුල අනපේක්ෂික අයුරින් ඇතිවන හනිදායක තත්වයන් වලදි අදාල ආයතන සම්බන්ධීකරණය මගින් විසදුම් ලබාදීමට මැදිහත් වීම.

වැඩිදුර විස්තර >>