කාබනික පොහොර නිෂ්පාදනය කිරීම

වස විසෙන් තොර කෘෂිකර්මාන්තයක් යන තේමාව පදනම් කර ගනිමින් හා ගොවීන් කාබනික වගාවට යොමු කරවීමේ අරමුණින් ගොවි සංවිධාන කාබනික පොහොර නිෂ්පාදනය සඳහා යොමු කරවීමට කටයුතු සැලසුම් කර ඇත. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තාක්ෂණික සහයෝගය යටතේ ආරම්භ කර ඇති මෙම වැඩසටහනේ පලමු පියවර 2016.07.22 දින වේලි ඔය මහා වාරිමාර්ග ව්‍යාපාරයේ ඇත්දත්ගල ගොවි සංවිධාන විසින් ගොවීන් 14 දෙනෙකු සම්බන්ධ කර ගනිමින් ආරම්භ කරන ලදී.  එළඹන මහ කන්නයේ සිට අක්කර ¼ ක කාබනික වී වගාවක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.

image-5 image-6

වේලිඔය මහා වාරිමාර්ග ව්‍යාපාරයේ ඇත්දත්ගල ගොවි සංවිධානය විසින් 2016.07.22 දින කාබනික පොහොර නිෂ්පාදනය ආරම්භ කිරීමේ අවස්ථාව

එසේම එහි දෙවන පියවර යටතේ 2016.08.04 දින රිදියගම මහා වාරිමාර්ග ව්‍යාපාරයේ ප්‍රගති ගොවි සංවිධාන විසින් ගොවීන් 70 ක් සම්බන්ධ කරගනිමින්  කාබනික පොහොර නිෂ්පාදනය ආරම්භ කරන ලදී.

රිදියගම ප්‍රගති ගොවිසංවිධානය සංවිධානය විසින් 2016.08.04 දින කාබනික පොහොර නිෂ්පාදනය ආරම්භ කිරීමේ අවස්ථාව

image-1 image-2 image-3 image-4